වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 05 ක ගෑස් අර්බුදයක්

2026 වසර දක්වා විශේෂයෙන් ශීත සෘතුවලදී ගෑස් හිගයකට මුහුණදීමට ඔස්ට්‍රේලියානුවන්ට සිදුවනු ඇති බවට ඔස්ටේ්‍රලියානු බලශක්ති අලෙවි නියාමන ආයතනය හෙවත් AEMO විසින් අනතුරු අගවනවා.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් – දකුණු ඔස්ට්‍රේලියා – ACT සහ ටස්මේනියා යන ප්‍රාන්තවාසීන්ට මෙහි වැඩිම බලපෑමක් එල්ලවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

දේශීය ගෑස් ඉල්ලුම දිනපතා ඉහළගියද සැපයුම ප්‍රමාණවත් නොවීම සහ නව ගෑස් නිෂ්පාදන බලාගාර ආරම්භ නොවීම මීට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වැඩිම ගෑස් පරිභෝජනය කරන ප්‍රාන්තය වන්නේ වික්ටෝරියා ප්‍රාන්තය වන අතර එහි නිවාසවලින් සියයට 70 ක පමණ ගෑස් භාවිත කිරීම සිදුවනවා.

කෙසේවෙතත් පසුගිය වසරට වඩා මෙවර වික්ටෝරියාවේ ගෑස් නිෂ්පාදනය සියයට 16 කින් අඩුවී ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තා හෙළි කරන්නේ.

ජූලි 01 දා සිට ප්‍රාන්ත 03 ක විදුලි ගාස්තු සියයට 20 කින් පමණ ඉහළයාමටද නියමිතයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »