
ලොව හොඳම ගුවන් තොටුපළ 20 අතරට පැමිණීමට මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමත්වී තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීමෙහි 19 වන ස්ථානයට මෙල්බන් ගුවන් තොටුපළ පත්වී ඇති අතර මුල් ස්ථාන අතරෙහි සිටින එකම ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපළද එයයි.
ස්කයිට්‍රැක්ස් ආයතනය විසින් ගුවන් මගීන්ගේ මත විමසුම් සහ ගුවන් තොටුපළවල ඇති පහසුකම් සැළකිල්ලට ගෙනයි මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ.

මෙවර නම් කිරීම අනුව පළමු ස්ථානයට පැමිණ ඇත්තේ සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළයි.
අඛණ්ඩව වසර 08 ක් පුරා පළමු ස්ථානයේ පසුවු ඔවුන් 2021 හා 2022 වසරවලදී තරමක් පසුබෑමක් පෙන්නුම් කිරීමෙන් අනතුරුවයි යළිත් පෙරමුණට පැමිණ ඇත්තේ.

දෙවන ස්ථානයට කටාර් හි දෝහා ජාත්‍යන්තර ගුවත් තොටුපළත් – 03 වන ස්ථානයට ජපානයේ හනෙඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළත් තේරී පත්වී තිබෙනවා.