ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමකට සයිබර් ප්‍රහාරයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක් වන ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් සමාගමේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

buy now, pay later ක්‍රමය හරහා භාණ්ඩ මිළදී ගැනීමේදී අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක් ලෙසයි එය සැළකෙන්නේ.

පාරිභෝගිකයන් 103,000 කගේ හැඳුනුම්පත් අංක සහ තවත් පාරිභෝගිකයන් 225,000 කගේ පමණ පුද්ගලික වාර්තා මෙලෙස අනවසර පිවිසීමකට ලක්වී තිබෙනවා.

සොරාගනු ලැබූ හැඳුනුම්පත් අංක අතුරින් සියයට 97 ක් පමණ රියදුරු බලපත් අංක බවයි පැවසෙන්නේ.

ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් සමාගමේ සේවකයන් පිරිසකගේ රහස්‍ය තොරතුරු පළමුවෙන් පැහැරගෙන ඇති අතර ඒවා යොදාගෙන පාරිභෝගිකයන්ගේ දත්ත පැහැරගෙන ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

Harvey Norman, JB Hi-Fi, David Jones & The Good Guys යනාදී ආයතනවල භාණ්ඩ හා සේවා ලබාගැනීමේදී පොළී රහිත ණය සපයන ආයතනයක් ලෙස ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් සමාගම ඔස්ට්‍රේලියානුවන් අතර අතිශ ජනප්‍රියව පවතිනවා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »