
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ජනවාරි මාසයේ පැවති සියයට 3.7 සිට පෙබරවාරි මාසයේදී සියයට 3.5 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
65,000 කට ආසන්න පිරිසකට නව රැකියා හිමිවීම ඊට ප්‍රධාන හේතුව බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලේ.
දෙසැම්බර් සහ ජනවාරි මාසවල මෙරට රැකියා නියුක්තිකයන්ගේ තරමක අඩුවීමක් පෙන්නුම් කරනු ලැබුවා.

කෙසේවෙතත් පෙබරවාරි මාසයේදී වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ACT ප්‍රාන්තවල සැළකිය යුතු රැකියා වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්.
මෙම වසරේ මැද භාගය දක්වාම විරැකියා අනුපාතිකය සියයට 3.5 ක් ලෙස පවතිනු ඇති බවට ෆෙඩරල් සංචිත බැංකුව ද පසුගියදා අනාවැකි පළකලා.

විරැකියා අනුපාතය පහළයාම හේතුවෙන් මීළග පොළී අනුපාතික වෙනසේදී එම අගයන් ද නොවෙනස්ව පවතිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.