විදුලි – ගෑස් ගාස්තු සහන ගැන වික්ටෝරියානුවන්ට දැනුම්දීමක්

වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහා ලබාදී ඇති විදුලි සහ ගෑස් ගාස්තු සහන සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2022 වසරට අදාළ ඩොලර් 250 ක විදුලි ගාස්තු සහනය ලබාගැනීම සඳහා ලබන 24 වනදාට පෙර අයදුම් කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

2023 වසර සඳහා වන ඩොලර් 250 ක ගාස්තු සහනයට ලබන 24 වනදායින් පසුව අයදුම් කල හැකියි.

මේ අතර ඩොලර් 3000 ක වටිනාකමින් යුත් වාර්ෂික විදුලි බිල් සඳහා ලබාදෙන සියයට 17.5 ක ගාස්තු සහනයටද ඉදිරියේදී අයදුම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අවස්ථාව පවතිනවා.

ශීත සෘතු සමයේ ගෑස් බිල් සඳහා ඩොලර් 1,734 ක උපරිම බිලක් වෙනුවෙන් ඩොලර් 300 ක සහනයක්ද ලබාගත හැකියි.

අනෙකුත් ප්‍රාන්ත සඳහාද එක් එක් ප්‍රාන්තය විසින් වෙන වෙනමම ගාස්තු සහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

https://www.9news.com.au/finance/cost-of-living-payments-government-assistance-rebates-state-by-state-guide-australia/3691a45a-cf63-435d-81ae-fb367d051526

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »