Search

විද්‍යුත් වාහන ආරෝපණ ස්ථානවල සාමාන්‍ය වාහන Park කලොත් $ 3,200 ක දඩ

විද්‍යුත් වාහන ආරෝපණය සඳහා නතර කිරීමට ඇති ස්ථානවල සාමාන්‍ය වාහන ගාල් කරන රියදුරන්ට ඩොලර් 3,200 ක උපරිම දඩයක් නියමවන ළකුණු පළවී තිබෙනවා.

එමෙන්ම සැබෑ ලෙසම වාහන ආරෝපණය නොකරන විද්‍යුත් වාහන හිමියන්ටද එම දඩ නියම වන බව සඳහන්.

ප්‍රාන්ත 04 ක් විසින් මීට අදාළ දඩ මුදල් සංශෝධනය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොලර් 369 ක දඩයක් – නිවු සවුත් වේල්ස් හි ඩොලර් 2,200 ක් – ක්වීන්ස්ලන්ඩ් හි ඩොලර් 2,875 ක් සහ ACT හි ඩොලර් 3,200 ක් ලෙස නව දඩ මුදල් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දැනට ඔස්ට්‍රේලියාව තුළ විද්‍යුත් වාහන 83,000 කට අධික සංඛ්‍යාවක් පවතින අතර පසුගිය මාසයේ අලෙවි කල වාහනවලින් සියයට 6.8 ක් පමණ විද්‍යුත් වාහන බවයි හඳුනාගෙන ඇත්තේ.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »