18 ට වැඩි ඔස්ට්‍රේලියානුවන් අතුරින් 41% ක් කායික හෝ ලිංගික හිංසනවලට

අවුරුදු 18 ට වැඩි ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 41 ක් හෙවත් ලක්ෂ 80 ක පිරිසක් වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පසු කායික හෝ ලිංගික හිංසනවලට ලක්වන බව අනාවරණ වී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්ත අනුව පුරුෂයන් අතුරින් සියයට 43 ක් සහ කාන්තාවන් අතුරින් සියයට 39 ක් එලෙස හිංසනවලට ලක්වන බවයි.

2021-2022 කාලසීමාවේදී ඔස්ට්‍රේලියානුවන් 12,000 ක් අතුරින් ලබාගත් තොරතුරු අනුවයි එම සංඛ්‍යාලේඛණ නිකුත් කර ඇත්තේ.

කාන්තාවන් අතුරින් 1/5 ක් සහ පුරුෂයන් අතුරින් 1/16 ක් ලිංගික ප්‍රචණ්ඩ සිදුවීම්වලට ලක්වන බව සඳහන්.

එමෙන්ම කාන්තාවන් අතුරින් 1/3 ක් සහ පුරුෂයන් අතුරින් 2/5 ක් කායික හිංසනවලට ලක්වන බවටද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

2016 වසරට හා සාපේක්ෂව කාන්තාවන් හා පුරුෂයන් යන දෙපාර්ශවයේම හිංසන ප්‍රතිශතයන් පහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලේ.

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »