ක්වීන්ස්ලන්ඩ් දුම්රිය ගේට්ටු අනතුරු ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දුම්රිය ආරක්ෂිත ගේට්ටුවල ගැටීමෙන් මෝටර් රථ රියදුරන් මුහුණදෙන අනතුරු සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා.

පසුගිය වසරේදී එවැනි අනතුරු 85 ක් වාර්තා වී ඇති බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය නිකුත් කර ඇති සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

එය 2021 වසරට වඩා අනතුරු 13 ක ඉහළයාමක් ලෙසටයි ගණන් බලා ඇත්තේ.

මෙම අනතුරු බහුතරයකට හේතුව දුම්රිය ගේට්ටු වසා තිබියදී වාහන ඇතුලු කිරීමට උත්සාහ දැරීම බවටද හඳුනාගෙන තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් නීතියට අනුව අනතුරු සංඥා නොතකන රියදුරන්ට ඩොලර් 431 ක දඩයක් සහ අප්‍රසාද ළකුණු 03 ක් ද – දුම්රිය ගේට්ටුවලට හානි කරන රියදුරන්ට ඩොලර් 1150 ක දඩයක් සහ අප්‍රසාද ළකුණු 04 ක්ද නියම කල හැකියි.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »