
කොවිඩ් සමයේදී මුලුමනින්ම බිඳ වැටී තිබූ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන මගී ප්‍රවාහන නෞකා (Cruise Ships) කර්මාන්තය නැවතත් යථා තත්වයට පත්වෙමින් පවතිනවා.
මෑත කාලීනව Cruise Ships වර්ගයේ නෞකා 40 ක් පමණ මෙරටට පැමිණ ඇති බවත් ලබන දෙසැම්බරය වනවිට තවත් නෞකා 60 ක් පමණ පැමිණීමට නියමිත බවත් සඳහන්.
මගී ප්‍රවාහන නෞකා කර්මාන්තයෙන් ඔස්ට්‍රේලියාව වසරකට ලබන ආදායම ඩොලර් බිලියන 05 කට ආසන්නයි.

ආහාර සැපයීම් සහ ඉංජිනේරු කර්මාන්තය ඇතුලු විවිධ ක්ෂේත්‍රවල රැකියා 18,000 ක් පමණ ඒ හරහා නිර්මාණය වී තිබෙනවා.
කොවිඩ් වසංගතය එළැඹීමත් සමග 2020 වසරේ මාර්තු මාසයේදී මෙරටට Cruise Ships පැමිණීම අත්හිටුවනු ලැබු අතර අනතුරුව පළමුවරට නෞකාවක් ළගාවූයේ පසුගිය වසරේ මාර්තු 15 වනදායි.
