Search

NSW රජයට එරෙහිව හෙදියන් නඩු පවරයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් විසින් ප්‍රාන්ත රජයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ඒ ප්‍රමාණවත් සේවක පිරිසක් නොමැතිවීම මත රෝගී සත්කාරක සේවා නිසි පරිදි ඉටුකල නොහැකි බව දක්වමින්.

මෑතකාලීනව රෝගීන්ට හෙද සත්කාරක පැය 120,000 ක් පමණ අහිමිවීමට ප්‍රධානම හේතුව සේවක හිගය බවයි ඔවුන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ.

කිසියම් අයුරකින් මෙම නඩුව පරාජයට පත්වුවහොත් හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් වෙනුවෙන් දැවැන්ත වන්දි මුදලක් ගෙවීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට සිදුවනු ඇති.

මෙම නඩුව සළකා බැලීම ලබන මැයි මාසයේදී සිදුකිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »