ෆේස්බුක් අයත් මෙටා සමාගම තවත් සේවකයන් 10,000 ක් ඉවත් කරයි

තවත් සේවකයන් 10,000 ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම තීරණය කර තිබෙනවා.

එහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පැවසුවේ මෙම අසීරු තීරණය ගනු ලැබුවේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම සඳහා බවයි.

මාස 04 ක කාලයක් තුළ මෙටා සමාගම විසින් සේවකයන් ඉවත් කරන දෙවන අවස්ථාව මෙයයි.

පසුගිය නොවැම්බර් මාසයේදී ද ඔවුන් ලොව පුරා සේවකයින් 11,000 ක් පමණ ඉවත් කිරීමට කටයුතු කලා.

මේ අතර දැනට පවතින පුරප්පාඩු 5,000 ක් පමණ සේවකයන් බඳවා ගැනීමකින් තොරව එලෙසම තැබීමටද මෙටා සමාගම තීරණය කර තිබෙනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »