හුස්ම ගන්න හොඳම රටවල් අතරට ඔස්ට්‍රේලියාවත්

ලොව ගුණාත්මක වාතය සහිත රටවල් 13 න් එකක් ලෙස ඔස්ට්‍රේලියාවද නම් කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගුණාත්මක වායු තත්වයන් පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇති දර්ශකවලට අනුවයි මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ.

රටවල් 131 ක් අතුරින් එම දර්ශකයේ නියමිත දර්ශකවලට වඩා ඉහළින් පසුවන්නේ ඔස්ට්‍රේලියාව – එස්තෝනියාව – ෆින්ලන්තය – ග්‍රෙනඩාව – අයිස්ලන්තය – නවසීලන්තය ඇතුලු රටවල් 13 ක් පමණයි.

ඉන්දියාව – චැඩ් රාජ්‍යය – ඉරාකය – පකිස්ථානය – බහරේන් – බංග්ලාදේශය සහ කුවේට් යන රටවල් මෙම ශ්‍රේණිගත කිරීමේ පහළම ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

ප්‍රධාන නගර සැළකීමේදී ඔස්ට්‍රේලියාවේ හොඳම වාතය සහිත නගරය බවට පත්ව ඇත්තේ කැන්බරා අගනුවරයි.

කෙසේවෙතත් ගල් අගුරු සහ පතල් කර්මාන්ත සහිත ප්‍රදේශවල වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බවද මෙහිදී සඳහන් කෙරුණා.

 

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »