නිවු සවුත් වේල්ස් හි පාසල් තුළ ජංගම දුරකථන සංඥා අවහිර කිරීමේ උපකරණ (phone jammers) සවිකිරීමේ යෝජනාවක් ප්‍රාන්ත ලේබර් පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
ලබන 25 වනදා පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් එම යෝජනාව ක්‍රියාවට නංවන බවයි ප්‍රාන්ත ලේබර් පක්ෂ නායක ක්‍රිස් මින්ස් සඳහන් කරන්නේ.
පාසල් කාලය තුළදී නිවු සවුත් වේල්ස් හි සියලුම පාසල් තුළ දුරකථන භාවිතය තහනමි කිරීමේ යෝජනාවක් ගෙන එන බවද ලේබර් පක්ෂය දැනටමත් නිවේදනය කර තිබෙනවා.
කෙසේවෙතත් එහි ඇතැම් ප්‍රායෝගික ගැටලු පැවතිය හැකි බැවින් phone jammers සවි කිරීමටද පියවර ගන්නා බව වත්මන් විපක්ෂ නායක ක්‍රිස් මින්ස් සඳහන් කලා.
ගුරුවරුන්ට – අවසරලත් සිසුන්ට සහ වෛද්‍යමය අවශ්‍යතා මතුවන සිසුන්ට සහනයක් සැළසෙන අයුරින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇති.