ඔස්ට්‍රේලියාව තුළ ඉදිරි මාසවල අධික උණුසුම් කාළගුණයක්

ඔස්ට්‍රේලියාව තුළ සාමාන්‍ය උෂ්ණත්වය පහළ ගොස් මෙතෙක් පැවති ලා නිනා (La Nina) තත්වය පහව ගොස් අධික උණුසුම් කාළගුණයක් අපේක්ෂා කල හැකි එල් නිනෝ (El Nino) තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි මාසවලදී දැඩි උණුසුමක් – නියං තත්වයක් මෙන්ම ලැව් ගිනි පවා අපේක්ෂා කල හැකි බවටයි කාළගුණ කාර්යාංශය අනාවැකි පළකරන්නේ.

තවත් මාස කිහිපයකින් ශීත සෘතුව එළැඹීමට නියමිත වුවද මෙවර අධික ශීතල කාළගුණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි කාළගුණ කාර්යාංශය පවසා සිටින්නේ.

අවසන් වරට ඔස්ට්‍රේලියාව තුළ මෙවැනි තත්වයක් ප්‍රකාශයට පත් කෙරුණේ 2015 වසරේදීයි.

එහිදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකටම එල් නිනෝ තත්වයෙන් බලපෑම් එල්ලවුණා.

පසුගිය 2022 වසරේ අවස්ථා කිහිපයකදී ජල ගැලීම් හටගත්තද එය සැළකෙන්නේ ඉතිහාසයේ උෂ්ණාධිකම වසරක් ලෙසයි.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »