Search

ඔස්ට්‍රේලියානුවන්ගේ ඉතුරුම් අඩු වෙයි

පසුගිය දෙසැම්බර් කාර්තුව තුළ පාරිභෝගික මිල ගණන් 1.9% කින් සහ පසුගිය වසරට සාපේක්ෂව 7.8% කින් ඉහළ ගොස් තිබෙනවා.

දෙසැම්බර් කාර්තුවේ පාරිභෝගික මිල වැඩිවීමේ ප්‍රධාන අංශ වී ඇත්තේ නිවාඩු ගමන්, නවාතැන් පහසුකම් සහ විදුලිය යි.

එම කාර්තුවේදී මෙරට පවුල් තම ආදායමෙන් ඉතිරි කරගත් ප්‍රමාණය සියයට 4.5 ක් දක්වා අඩු වී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලේ.

එය 2022 සැප්තැම්බර් කාර්තුවේ 7.1% ක් වූ අතර කොවිඩ් වසංගතයට පෙර 2019 වසරේ දෙසැම්බර් කාර්තුවේදී සියයට 6.8 ක් ලෙස පැවතී තිබෙනවා.

මේ අතර දෙසැම්බර් කාර්තුව තුළ රජයේ මුළු බදු ප්‍රමාණය සියයට 05 කින් ඉහළ ගොස් ඇති බවද සඳහන්.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »