
Curtin විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලය පැය 03 ක වර්ජනයක් ක්‍රියාවට නංවා තිබෙනවා.
පස්වරු 02 සිට පස්වරු 05 දක්වා ක්‍රියාත්මක මෙම වර්ජනය හමුවේ දේශන රැසක් අවලංගු කිරීමට හෝ වෙනත් වේලාවන්වලට සැළසුම් කිරීමට සිදුවූ බව සඳහන්.
ඉහළ වැටුප් සහ සේවා ගුණාත්මකභාවය ඉහළ දමන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනයේ නිරත වි ඇත්තේ.

සියයට 2.2 ක වාර්ෂික වැටුප් වර්ධනයක් ලබාදීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය එකග වී ඇතත් සියයට 7.8 ක් ලෙස පවතින උද්ධමනයට සමගාමීව එය ප්‍රමාණවත් නොමැති බවයි Curtin සරසවියේ සේවකයන් පවසා ඇත්තේ.
පසුගිය මූල්‍ය වර්ෂය සඳහා Curtin විශ්ව විද්‍යාලය විසින් ඩොලර් මිලියන 313 ක ලාභයක් වාර්තා කර ඇති බැවින් සේවක වැටුප් වැඩි කිරීමට කිසිදු බාධාවක් නොමැති බවයි සේවකයන් පෙන්වා දෙන්නේ.
