ඔප්ටස් සමාගමට “Boost” තහනම් කෙරේ

සිය ප්‍රචාරණ කටයුතු සඳහා Mobile Boost යන වදන් යොදා ගැනීමෙන් වළකින ලෙස ෆෙඩරල් අධිකරණයක් විසින් ඔප්ටස් සන්නිවේදන සමාගමට දැනුම් දී තිබෙනවා.

ඒ Boost සන්නිවේදන සමාගම විසින් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගයක් සළකා බැලීමෙන් අනතුරුවයි.

ඩොලර් 02 ක් වැනි මුදලක් ගෙවා සේවා වැඩි දියුණු කිරීම් ලබාගැනීමට හැකි නව ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ඔප්ටස් සමාගම විසින් ආරම්භ කල අතර ඔවුන් එය නම් කර තිබුණේ Mobile Boost ලෙසයි.

කෙසේවෙතත් Boost යන වචනය යොදා ගැනීම හරහා තමන්ට අගතියක් වන බවටයි Boost සන්නිවේදන සමාගම විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණේ.

ඒ අනුව පැය 72 ක් ඇතුළත Mobile Boost යන වචනය සියලුම ප්‍රචාරණ මාධ්‍යයන්ගෙන් ඉවත් කරන ලෙසයි අධිකරණය විසින් ඔප්ටස් සමාගමට අද නියම කරනු ලැබුවේ.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »