සිඩ්නි උපරිම වේගය 40 කිරීමේ යෝජනාවට ප්‍රාන්ත අගමැතිගේ විරෝධය

සිඩ්නි නාගරික කවුන්සිල බල ප්‍රදේශයේ රථවාහන උපරිම වේගය පැයට කිලෝමීටර් 40 ක් බවට පත් කිරීමේ යෝජනාවට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ විරෝධය පළකර තිබෙනවා.

එමගින් නගරයේ රථවාහන තදබදය තවත් අධික වනු ඇති බවටයි අගමැතිවරයා අනාවැකි පළකරන්නේ.

ජනාකීර්ණ නගරයක් වන සිඩ්නි වෙත දිනකට අතිවිශාල ජනකායක් ඇදී එන බැවින් එය මන්දගාමී නගරයක් නොවිය යුතු බව ඩොමිනික් පෙරෝටේ අවධාරණය කරනවා.

එබැවින් සමස්ත සිඩ්නි නාගරික කලාපයේ රථවාහන උපරිම වේගය පැයට කිලෝමීටර් 40 ක් කිරීමේ යෝජනාව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් කිසිදු අයුරකින් අනුමත නොකරන බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.

සිඩ්නි නගරයේ තෝරාගත් කලාප කිහිපයක පාසල් අසල උපරිම වේගය පැයට කිලෝමීටර් 40 ක් බවට අඩු කිරීමේ යෝජනාවක් දැනටමත් නාගරික කවුන්සිලය විසින් සම්මත කරගෙන තිබෙනවා.

එය සමස්ත නගරය දක්වාම ව්‍යාප්ත කිරීමට ඔවුන් අවධානය යොමුකර ඇති නමුත් ඒ සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් අනුමැතිය දිය යුතුයි.

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »