Search

ඔස්ට්‍රේලියානුවන් අති බහුතරයක් සංචාර සැළසුම් වෙනස් කරයි

ජීවන වියදම සහ ගුවන් ගාස්තු ඉහළයාම හමුවේ මෙම වසරේදී නිවාඩු ගත කිරීම සහ චාරිකාවල නිරතවීම නැවත සළකා බැලීමට ඔස්ට්‍රේලියානුවන් අතුරින් අති බහුතරයක් තීරණය කර තිබෙනවා.

මෙම වසරේදී දේශීය හෝ විදේශීය චාරිකාවක නිරතවීමට සැළසුම් කර ඇති ප්‍රතිශතය සියයට 87 ක් ලෙසටයි පුරෝකථනය කර ඇත්තේ.

කෙසේවෙතත් ඉන් සියයට 83 ක්ම පවසා ඇත්තේ සිය සැළසුම් පිළිබඳ නැවත සළකා බැලීමට සිදුවන බවයි.

මෙම සමීක්ෂණයට සහභාගීවූවන් අතුරින් සියයට 50 ක්ම අවධාරණය කර ඇත්තේ කිසිදු අයුරකින් විදෙස් සවාරියක නිරතවීමට අපේක්ෂාවක් නොමැති බවයි.

වෙනත් ප්‍රාන්තයක චාරිකාවක් සඳහා හෝ පිටත්ව නොයන බවට අදහස් පළකර ඇති ප්‍රතිශතය සියයට 37 ක්.

මේ අතර විදෙස් සංචාරයක් සඳහා පිටත්ව යාමේදී සෞඛ්‍ය රක්ෂණාවරණයක් ගෙන පිටත්ව යන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »