සබ්මැරීන් 05 මුලු වියදම $ බිලියන 368 ක්

අමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය සමග පවතින ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාව විසින් මිළදී ගන්නා න්‍යෂ්ඨික සබ්මැරීන 05 ට අදාළ සියලු නිල තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉදිරි වසර 30 ක කාලය සඳහා ෆෙඩරල් රජය විසින් මේ සඳහා වෙන් කිරීමට යෝජිත මුදල ඩොලර් බිලියන 368 ක්.

2027 වසර ආරම්භයේ සිට අමෙරිකාවට අයත් සබ්මැරීන 04 ක් සහ බ්‍රිතාන්‍යයට අයත් සබ්මැරීනයක් බටහිර ඔස්ට්‍රේලියා මුහුදු කලාපයේ නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම 2040 වසරේ සිට 2050 දක්වා බලාත්මක වන පරිදි සෑම වසර 02 කටම වරක් මෙරටදී සබ්මැරීනයක් බැගින් නිෂ්පාදනය කෙරෙනු ඇති.

ඒ අනුව 2050 වසර වනවිට රාජකීය ඔස්ටේ්‍රලියානු නාවික හමුදාවට සබ්මැරීන 05 ක් හිමිවීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව විසින් ලබාගැනීමට යන න්‍යෂ්ඨික බලැති සබ්මැරීන් හරහා සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා 20,000 ක් පමණ බිහිවනු ඇති බවට ගණන් බලා තිබෙනවා.

එයින් රැකියා 8,500 ක් පමණ සෘජු ඝනයට අයත් වන අතර සෙසු රැකියා වක්‍ර ඝනයට අයත් වන බව සඳහන්.

අදාළ සබ්මැරීන 05 නඩත්තු කිරීම ඇතුලු ඉදිරි වසර 30 තුළ පැවරෙන රාජකාරි සඳහායි මෙම සේවකයන් අවශ්‍ය බවට තක්සේරු කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් ලබන සතියේ සිටම මීට අදාළ බඳවා ගැනීමි සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.

මෙම රැකියා අතුරින් බහුතරයක් දකුණූ ඔස්ට්‍රේලියාව තුළ බිහිවනු ඇති අතර ඊට හේතුව වන්නේ අදාළ සබ්මැරීන එහිදී නිෂ්පාදනය කිරීමයි.

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »