NSW ප්‍රධාන මාර්ගයකදී වාහන 13 ක් එකිනෙක ගැටී 15 කට තුවාල

නිවු සවුත් වේල්ස් හි ප්‍රධාන මාර්ගයකදී වාහන 13 ක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙමගින් M1 Pacific Motorway හි දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි නිවු සවුත් වේල්ස් ගිලන් රථ සේවය සඳහන් කලේ.

තුවාල ලැබූවන් සියලු දෙනා වයස අවුරුදු 30 ත් 40 ත් අතර පසුවන්නන් වන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරත් සමග M1 Pacific Motorway හි අදාළ ස්ථානය දෙපස මංතීරු 03 ම වසා දමා තිබුණද මේ වනවිට එක් මංතීරුවක් යළි විවෘත කර තිබෙනවා.

හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන්නැයිද රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »