Search

ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගෙන් $ දහස් ගණනක් වංචාකල බවට ANZ බැංකුවට චෝදනා

ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගෙන් ඩොලර් දහස් ගණනක මුදලක් වංචාකල බවට ANZ බැංකුවට චෝදනා එල්ල වනවා.

අදාළ පාරිභෝගිකයන්ගේ ගිණුම්වල ඇති ශේෂය පිළිබඳ වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් විවිධ ගාස්තු සහ පොළී ලෙස මුදල් අය කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ANZ බැංකුවට එරෙහිව ෆෙඩරල් අධිකරණයක් හමුවේ චෝදනා ගොණු කරන බව ඔස්ට්‍රේලියානු සුරැකුම් හා ආයෝජන කොමිසම නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

ANZ හි ගණුදෙනු කරුවන් 165,000 ක් පමණ මෙම වංචාවට ගොදුරු වී ඇති බවටයි වාර්තා පළවන්නේ.

2016 ත් 2018 ත් අතර කාලයේදී මෙලෙස වැරදි සහගත ලෙස ගාස්තු අය කර ඇති බවද සඳහන්.

මේ පිළිබඳ ප්‍රතිචාර දක්වන ANZ බැංකුව පවසන්නේ 2018-11-17 දක්වා කාලය තුළ බලපෑමට ලක්වූ ගණුදෙනුකරුවන් වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක මුදලක් ආපසු ගෙවා ඇති බවයි.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »