Search

NSW රියදුරන්ට තවත් මාර්ග ගාස්තු සහනයක්

නිවු සවුත් වේල්ස් රියදුරන්ගෙන් අය කෙරෙන මාර්ග ගාස්තුවලට ඇතුළත් පරිපාලන ගාස්තු (administration fee) ඉවත් කරන බවට ප්‍රාන්ත ලේබර් පක්ෂය පොරොන්දු වනවා.

ස්වයංක්‍රීය ටැග් එකක් හෝ අවසරපතක් නොමැති සෑම රියදුරෙකුගෙන්ම මෙම ගාස්තුව අය කෙරෙන අතර එය අසාධාරණ බවටයි ලේබර් පක්ෂය චෝදනා කරන්නේ.

ජීවන වියදම ඉහළ යාම හමුවේ පීඩාවට පත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට ලබාදෙන එක් සහනයක් ලෙස මෙම ගාස්තුව ඉවත් කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රාන්ත විපක්ෂ නායක ක්‍රිස් මින්ස් සඳහන් කලා.

මේ අතර ලබන 25 වනදා පැවැත්වෙන මැතිවරණයේදී ජයගතහොත් නිවු සවුත් වේල්ස් හි මාර්ග ගාස්තු ඩොලර් 60 ක උපරිම අගයකට යටත් කෙරෙන බවටයි ලේබර් පක්ෂය දැනටමත් නිවේදනය කර ඇත්තේ.

ලබන ජනවාරි පළමුවනදා සිට වසර 02 ක කාලයක් සඳහා එය බලපැවැත්වෙනු ඇති.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »