සබ්මැරීන් 05 හරහා ඔස්ට්‍රේලියාවේ සෘජු සහ වක්‍ර රැකියා 20,000 ක්

ඔස්ට්‍රේලියාව විසින් ලබාගැනීමට යන න්‍යෂ්ඨික බලැති සබ්මැරීන් හරහා සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා 20,000 ක් පමණ බිහිවනු ඇති බවට ගණන් බලා තිබෙනවා.

එයින් රැකියා 8,500 ක් පමණ සෘජු ඝනයට අයත් වන අතර සෙසු රැකියා වක්‍ර ඝනයට අයත් වන බව සඳහන්.

අදාළ සබ්මැරීන 05 නඩත්තු කිරීම ඇතුලු ඉදිරි වසර 30 තුළ පැවරෙන රාජකාරි සඳහායි මෙම සේවකයන් අවශ්‍ය බවට තක්සේරු කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් ලබන සතියේ සිටම මීට අදාළ බඳවා ගැනීමි සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.

මෙම රැකියා අතුරින් බහුතරයක් දකුණූ ඔස්ට්‍රේලියාව තුළ බිහිවනු ඇති අතර ඊට හේතුව වන්නේ අදාළ සබ්මැරීන එහිදී නිෂ්පාදනය කිරීමයි.

බ්‍රිතාන්‍ය නිර්මාණයක් අනුව අමෙරිකානු තාක්ෂණයෙන් ඔස්ට්‍රේලියාවේදී නිපදවෙන මෙම සබ්මැරීන අතුරින් පළමුවැන්න 2027 වසරේදී පර්ත් හිදී අත්හදා බැලීමටයි නියමිතව ඇත්තේ.

මෙම න්‍යෂ්ඨික සබ්මැරීන 05 හි සමස්ත වටිනාකම ඩොලර් බිලියන 100 කට ආසන්නයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »