Search

95 වන ඔස්කාර් සම්මාන බෙදී ගියේ මෙහෙමයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අවසන් වී තිබෙනවා.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා සම්මානය “Everything Everywhere All at Once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් කී හේ ක්වෑන් හිමිකර ගනු ලැබුවා.

හොඳම සහාය රංගන ශිල්පිනියට හිමි සම්මානය “Everything Everywhere All at Once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් ජේමි ලී කර්ටිස් විසින් හිමිකර ගත්තා.

එමෙන්ම අතිශය ජනාදරයට පාත්‍ර වූ RRR ඉන්දීය තෙළෙඟු සිනමාපටයේ එන, නාටු නාටු ගීතය ද මෙවර ඔස්කාර් සම්මානයට පාත්‍රවුණා.

සම්මාන උළෙලේ වැඩි අවධානයක් දිනාගත්, හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනාගත්තේ බ්‍රැන්ඩන් ෆ්රේසර් විසිනුයි.

ඒ ද වේල් සිනමාපටය සඳහායි.

හොඳම රංගන ශිල්පිනියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් පළමු ආසියාතිකයා බවට පත්වෙමින් මෙවර එම සම්මානය දිනාගැනීමට මිෂෙල් යෝ සමත් වුණා.

ඒ Everywhere All at Once” සිනමා පටය වෙනුවෙනුයි.

මේ අතර සම්මාන උළෙලේ අවසන් සම්මානය වන හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනාගත්තේ “Everything Everywhere All at Once” සිනමා පටයයි.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »