සිඩ්නි නාගරික කවුන්සිල බල ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන අසල උපරිම රථවාහන වේගය පැයට කිලෝමීටර් 40 ක් ලෙස පවත්වාගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ගතවූ වසර 10 තුළ සතියකට වයස අවුරුදු 05 ට අඩු එක් දරුවෙකු හෝ ඔස්ට්‍රේලියාවේ කුමන හෝ ප්‍රදේශයකදී රිය අනතුරුවලට ලක්ව මියයන බවට නවතම සංඛ්‍යාලේඛණ හෙළි කිරීමත් සමගයි මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.
මෙම යෝජනාව සම්මත වුවහොත් සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා දිවා සුරැකුම් මධ්‍යස්ථාන අසල උපරිම රථවාහන වේගයක් පවත්වා ගැනීමේ නීතියක් සම්මත කරන ලෙස ප්‍රාන්ත රජයට දැනුම්දීමටද සිඩ්නි නාගරික කවුන්සිලය සූදානමින් පසුවනවා.
ඒ යටතේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන දෙපස අමතර මාර්ග බාධක යෙදවීමටද පියවර ගැනෙනු ඇති.
සිඩ්නි නාගරික කලාපයේ බොහෝ ප්‍රදේශවල දැනට උපරිම වේගය පවතින්නේ පැයට කිලෝමීටර් 50 ක් ලෙසිනුයි.