පුංචි ශමෙල් ජීවත් කරවන්න ඔබත් එකතුවන්න

බරපතළ රෝගී තත්ත්වයකට ගොදුරු වී සිටින තම දරුවාට නැවත ජීවිතයක් ලබා දෙන්නට මව්පිය යුවළක් ඔබෙන් සහාය ඉල්ලා සිටී.

දින විස්සක් වැනි කාලයක් තුළ රුපියල් කෝටි 40ක පමණ මුදලක් සොයාගන්නට එම මව්පියන් දරන්නේ අප්‍රමාණ වෙහෙසකි.

ශමෙල් පිලපිටිය පුතා ට මේ වනවිට අවුරුදු එක හමාරක් වෙනවා.

මාස 8ක් පමණ වන තෙක් කිසිදු අසනීප තත්ත්වයක් නොමැතිව හැදී වැඩුණ ශමෙල් එක්වරම කායික වශයෙන් වෙනස් වන්නට පටන් ගෙන තිබේ.

වයස මාස 10ක් වනවිටත් පුංචි ශමෙල් තනිවම ඉඳගැනීමට හෝ උත්සාහ දරා නැහැ.

ශමෙල් ට වයස අවුරුද්දක් සම්පූර්ණ වෙද්දී ඔහුගේ කායික ක්‍රියාකාරකම් සියල්ලම පාහේ අඩාළ වූ බව මව්පියෝ පවසති.

වෛද්‍ය පරීක්ෂණ රැසකින් පසු තහවුරු වී ඇත්තේ පුංචි ශමෙල් “ස්පයිනල් මස්කියුලර් ඇට්‍රොෆි” යන රෝගයෙන් පෙළෙන බවය.

මොළයේ නියුරෝන ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා හුස්ම ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය ශාරීරික ක්‍රියාකාරකම් අඩාළ වීම එහිදී සිදුවේ.

මෑතක් වන තෙක් මෙම රෝගයට ස්ථිර ප්‍රතිකාරයක් නොතිබූ නමුත් පුංචි ශමෙල්ගේ වාසනාවකට මෙම රෝගයට ජාන සැත්කමක් සොයා ගැනීමට බටහිර වෛද්‍යවරුන් දැන් සමත්ව තිබේ.

එම සැත්කමට වැයවන මුදල රුපියල් කෝටි 81ක්.

වෛද්‍ය මතය අනුව මේ මස 30වනදාට පෙර මෙම සැත්කම දරුවාට සිදුකළ යුතුය.

පියා සිංගප්පූරුවේ රැකියාවක නිරත වන නමුත්, ඔවුන්ට දින කිහිපයක් තුළ රුපියල් කෝටි 40ක පමණ මුදලක් සොයාගැනීම ලෙහෙසි පහසු නැහැ.

එම මුදල රැස්කරන්නට සවියක් වී පුංචි ශමෙල්ට යළි ජීවිතය දෙන්න සහාය වන්නැයි මව්පියන් ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මවගේ දුරකථන අංකය – +65 90959847 (Singapore)
සියාගේ දුරකථන අංකය – 077 777 6637 (Sri Lanka)

පුංචි ශමෙල් ගැන ඔබට තවත් තොරතුරු දැනගැනීමට අවැසි නම් www.hopeforshamel.com යන වෙබ් පිටුවට පිවිසිය හැකිය.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »