ඇලිස් ස්ප්‍රිංග්ස් ලිපි සහ පාර්සල් බෙදා හැරීම යළි ඇරඹේ

ඇලිස් ස්ප්‍රිංග්ස් නගරයේ නිවාස සහ ව්‍යපාරික ස්ථාන වෙත ලිපි සහ පාර්සල් බෙදා හැරීම නැවත ආරම්භ කිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

ප්‍රචණ්ඩ සිදුවීම් ඉහළයාම සහ සේවකයන්ට එල්ලවන පහරදීම් හමුවේ දින කිහිපයක් එම සේවා අත්හිටුවා තිබුණා.

ඒ අනුව ඇලිස් ස්ප්‍රිංග්ස් ප්‍රධාන තැපැල් කාර්යාලය වෙත පැමිණ තමන්ට අයත් ලිපි සහ තැපැල් භාණ්ඩ ලබාගන්නා ලෙසටයි ප්‍රදේශවාසීන්ට දැනුම්දී තිබුණේ.

ප්‍රාදේශීය බළධාරීන් සහ පොලිසිය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලිපි සහ පාර්සල් බෙදාහැරීම නැවත ආරම්භ කල බවයි Australia Post නිවේදනය කලේ.

සිය සේවකයන්ට පහරදීම සඳහා බාල වයස්කරුවන් පවා පැමිණ සිටි බවටත් Australia Post විසින් චෝදනා එල්ල කර තිබුණා.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »