වික්ටෝරියා 03 හැවිරිදි දැරියක පැය 05 ක් බස් රථයක අමතක වී දමා යාම ගැන විමර්ශන

උතුරු වික්ටෝරියා හි පාසල් බස් රථයක 03 හැවිරිදි දැරියක පැය 05 කට ආසන්න කාලයක් අමතක වී අතහැර දමායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ බස් රථය විසින් පසුගිය 10 වනදා පෙරවරු 09 ට පමණ මෙම දැරිය Shepparton හි පිහිටි නිවසෙන් නංවාගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඇය පස්වරු 02.45 වනතුරුත් බස් රථයේම රැඳී සිට ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකාවක විසින් දැරිය සොයාගන්නා අවස්ථාවේදී ජලය නොමැතිවීම මත ඇය විජලනයට පත්වී සිටි බව සඳහන්.

දැරිය වහාම රෝහල්ගත කර ඇති අතර අධික උණුසුම හමුවේ පීඩාවට පත්ව සිටි බවටයි වාර්තා වන්නේ.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »