Search

ඔස්ට්‍රේලියානුවන්ගේ ආහාර වියදම $ බිලියන 19 කින් ඉහළට

ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ඉහළයාම හමුවේ වසරක් තුළදී ඔස්ට්‍රේලියානුවන් විසින් වැයකර ඇති අමතර මුදල ඩොලර් බිලියන 19 ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

Finder ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂණයකට අනුව එක් ඔස්ට්‍රේලියානුවෙකු විසින් වසරකදී එලෙස වැය කෙරෙන අමතර මුදල ඩොලර් 1,924 ක්.

පසුගිය වසරට වඩා මේ වනවිට ආහාර මිළෙහි සාමාන්‍ය වැඩිවීම සියයට 43 ක් බවටයි තක්සේරු කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන් මුහුණදෙන ප්‍රධානම ගැටලු 03 න් එකක් ලෙසටද අත්‍යවශ්‍ය ආහාර සඳහා යන වියදම් පසුගියදා හඳුනා ගැණුනා.

මේ අතර සුපිරි වෙළඳසැල් වසා දැමීමට පැයකට හෝ දෙකකට පෙර මස් මිළදී ගන්නේ නම් සියයට 80 කින් පමණ අඩුවෙන් මිළදී ගත හැකි බවටද අනාවරණය වී තිබෙනවා.

Finder ආයතනය සිදුකල සමීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් 1/3 ක් දින කිහිපයකට වරක්ද සියයට 53 ක් සතිපතා ද අත්‍යවශ්‍ය ආහාර මිළදී ගන්නා බවයි.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »