Search

වික්ටෝරියාවේ සියදිවි හානිකර ගැනීම් 09% කින් ඉහළට

වසර 22 කට පසු වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම සියදිවි නසා ගැනීම් මරණ සංඛ්‍යාව පසුගිය වසරේදී වාර්තා වි තිබෙනවා.

එය 2021 වසර හා සැසඳීමේදී සියයට 09 ක ඉහළයාමක් බවයි වික්ටෝරියා හදිසි මරණ පරීක්ෂක කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ.

2021 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ සිය දිවි හානි කර ගැනීම් මරණ 693 ක් වාර්තා වී තිබූ නමුත් පසුගිය වසරේදී එය 756 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මරණයට පත් පිරිස අතුරින් වැඩිම පිරිස වයස අවුරුදු 65 ට වැඩි වයස් කාණ්ඩයේ වනවා.

2018 වසරේ සිට දත්ත සැළකීමේදී වික්ටෝරියා ප්‍රාන්තයේ සිය දිවි හානිකර ගැනීම් මරණ අතුරින් ස්ත්‍රී – පුරුෂ මරණ අනුපාතිකය 1 ට 3 ක් ලෙසයි සටහන් වන්නේ.

If you or anyone you know needs help:

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »