දකුණු ඔස්ට්‍රේලියාවේ හෙදියන් දෙගුණ කිරීමට යයි

How_to_become_a_registered_nurse_612px

දකුණු ඔස්ට්‍රේලියාවේ රෝහල් සඳහා බඳවා ගන්නා හෙදියන් සංඛ්‍යාව දෙගුණ කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙද උපාධිය අවසන් කිරීමෙන් පසු රෝහල්වල පුහුණුව සඳහා දැනට වසරකට බඳවා ගන්නා සංඛ්‍යාව 600 සිට 1200 දක්වා ඉහළ දැමීමට නියමිතයි.

දැනට දකුණු ඔස්ට්‍රේලියාවේ රෝහල්වල පවතින හෙද හිගය හමුවේ රෝහල්වල පවතින පීඩනය මෙමගින් අවම වනු ඇතැයි අපේක්ෂිතයි.

මීට සමගාමීව පවුල් සෞඛ්‍ය නිළධාරිනියන්ගේ සංඛ්‍යාවද ඉහළ දැමීමටයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සූදානම් වන්නේ.

ඒ සඳහා වැයවනු ඇතැයි අපේක්ෂා කරන මුදල ඩොලර් මිලියන 25 ක්.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »