
ලබන 25 වනදා පැවැත්වෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් වත්මන් අගමැති ඩොමිනික් පෙරෝටේ ගේ නිල ප්‍රචාරණ ව්‍යාපාරය අද ආරම්භ කෙරුණා.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැඩි ඉඩක් වෙන් කර ඇත්තේ අධ්‍යාපනය නංවාලීමට බවයි ඔහු මෙහිදී සඳහන් කලේ.
පොදු පාසල් නංවාලීමට ඩොලර් බිලියන 1.2 ක මුදලක් මෙන්ම වයස අවුරුදු 10 ට අඩු දරුවන් වෙනුවෙන් නව අරමුදලක් ස්ථාපිත කිරීම ප්‍රධාන මැතිවරණ පොරොන්දු අතර වනවා.

එම අරමුදලට සෑම දරුවෙකු සඳහාම ප්‍රාන්ත රජය විසින් ඩොලර් 400 ක මුදලක් බැර කර අතර දෙමව්පියන් විසින්ද වාර්ෂිකව ඩොලර් 400 ක මුදලක් තැන්පත් කල යුතුයි.
වයස අවුරුදු 18 සම්පූර්ණ වනවිට එක් අයෙකු සඳහා එම අරමුදලින් ඩොලර් 28,000 ක මුදලක් ලබාගත හැකි වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවයි නිවු සවුත් වේල්ස් අගමැති ඩොමනික් පෙරෝටේ කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් දැනට ලිබරල් පක්ෂ පාලනයක් ක්‍රියාත්මක වන්නේ නිවු සවුත් වේල්ස් සහ ටස්මේනියාවේ පමණයි.
ලබන 25 වනදා පැවැත්වෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේදී ලේබර් පක්ෂය විසින් ජයග්‍රහණය අත්කර ගනු ඇති බවටයි මත විමසුම් අනාවැකි පළකරන්නේ.