මෙල්බන් නගරයේ නිවාස කුළී ගැටලුව විසඳීමේ අරමුණින් විශේෂ සමුලුවක් පවත්වා තිබෙනවා.
ඉහළ යන කුළී ගාස්තු මෙන්ම පහසුකම් අඩුවීම පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමුකර ඇති බව සඳහන්.
ඇතැම් නිවාස හිමියන් විසින් පළමුවෙන් පොරොන්දුවූ එකගතා පසුව කඩ කරන බවටයි නිවාස කුළියට ගන්නන් විසින් මෙහිදී චෝදනා කර ඇත්තේ.
විශේෂයෙන් නිවාස ඒකකවලදී (units) හවුල් ක්‍රමයට මුලුතැන්ගෙය සහ වැසිකිළි භාවිත කිරීමට බල කිරීම ප්‍රධාන ගැටලුවක් බව ඔවුන් අවධාරණය කර තිබුණා.
එමෙන්ම දැන්වීම්වල පළකරන ආකාරයේ පහසුකම් නොලැබෙන බවත් එහිදී නොමග යැවීමක් සිදුවන බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම සියලු කරුණු සළකා බලා වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් කුළී නිවාස නියාමනයට දැඩි නීති පැණවිය යුතු බවයි සති අන්තයේ පැවති මෙම සමුලුවේදී අවධාරණය වී ඇත්තේ.