Search

ඉලෙක්ට්‍රොනික දුම්වැටි නීති දැඩි කිරීමට ක්වීන්ස්ලන්ඩ් රජය සැරසෙයි

ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය මෑතකදී සිදුකර ඇති අධ්‍යයනයක් සැළකිල්ලට ගෙනයි ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ.

ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයට පෙළඹෙන පුද්ගලයන් සාමාන්‍ය දුම්වැටි භාවිතයට නැඹුරුවීමේ අවධානම 03 ගුණයකින් ඉහළ බවයි මෙහිදී අනාවරණය වූයේ.

ඒ අනුව ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විමර්ශනයක් පවත්වා සියලු තොරතුරු මහජනතාව වෙත නිරාවරණය කිරීම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

ලබන අගෝස්තු මාසය වනවිට එම වාර්තාව ලැබීමට නියමිත අතර එහි නිර්දේශ මත ක්ව්න්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය සම්බන්ධ රෙගුලාසි බලාත්මක කිරීමටයි තීරණය වී ඇත්තේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »