මෙල්බන් Parking ගැටලු විසඳන්න අලුත් යෝජනා රැසක්

මෙල්බන් නාගරික කලාපයේ රථ වාහන නතර කිරීමේ ක්‍රමවේදය සරළ කිරීමට නාගරික කවුන්සිලය සූදානම් වනවා.

ඒ අනුව මාර්ගවල වාහන නතර කර තැබිය හැකි ස්ථාන සංඛ්‍යාව වැඩි කෙරෙන අතර භාණ්ඩ ගොඩබෑම් කල හැකි ස්ථාන වෙනස් කිරීමටද නියමිතයි.

මෙල්බන් නාගරික කලාපයට පැමිණෙන රියදුරන් අතුරින් සියයට 80 කට පමණ සුදුසු ස්ථානයක් සොයාගැනීමේ අපහසුතාවයන්ට මුහුණ දෙන බව මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වී තිබුණා.

එමෙන්ම මෙල්බන් නගරයේ රථවාහන තදබදයට සියයට 30 කට හේතුව වී ඇත්තේද වාහනය නතර කිරීමට සුදුසු ස්ථානයක් සොයා සැරිසරන රියදුරන් බවටද එහිදී හෙළිකර ගැණුනා.

සාමාන්‍යයෙන් දිනයකදී මෙල්බන් නගරයේ සිදුකෙරෙන ගමන් වාර සංඛ්‍යාව 760,000 ක් පමණ වුවද එයින් ගාස්තු ගෙවා මාර්ග දෙපස නතර කිරීමට ඉඩ හිමිවන්නේ 10,000 කට පමණක් බව ද සඳහන්.

මෙම තත්වය රියදුරන්ට වඩාත් පහසුකම් හිමිවන ආකාරයට වෙනස් කිරීමටයි මෙල්බන් නාගරික කවුන්සිලය සුදානම් වන්නේ.

කෙසේවෙතත් දැනට මෙල්බන් නාගරික කලාපය තුළ අය කෙරෙන ඩොලර් 07 ක පැයක ගාස්තුව කිසිදු ආකාරයකින් ඉහළ නොදමන බවටයි නාගරික කවුන්සිලය සහතික වන්නේ.

මෙම තීරණය ලබන 21 වනදා මෙල්බන් නාගරික කවුන්සිලයේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »