ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් සුපිරි වෙළඳසැල්වල හතු විශේෂයක් ආපසු කැඳවයි

ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල සුපිරි වෙළඳසැල්වල ආහාර පිණිස අලෙවි කරන හතු විශේෂයක් ආපසු කැඳවා තිබෙනවා.

ඒ ලිස්ටීරියා බැක්ටීරියා අවධානමක් හේතුවෙනුයි.

ගර්භණී කාන්තාවන්ට – වයෝවෘද්ධ ජනතාවට – ප්‍රතිශක්තීකරණ ගැටලු සහිත පුද්ගලයන්ට මෙම හතු ආහාරයට ගැනීමෙන් විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බවටයි අනතුරු අගවා ඇත්තේ.

අදාළ හතු වර්ගය ( K-mama Enoki Mushrooms (300g) ) දකුණු කොරියාවෙන් ආනයනය කරනු ලැබූ විශේෂයක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඒවා දැනටමත් ආහාරයට ගෙන ඇති කවරෙකු හෝ වෙතොත් වහා වෛද්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසට දැනුම්දීමක් සිදුකෙරෙනවා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »