Search

මෙල්බන් ගැන ඉන්දු – ඔස්ට්‍රේලියා අගමැතිවරුන් සුවිශේෂී තීරණයක

මෙල්බන් නගරයේ හින්දු දේවස්ථානවලට සික් ජාතිකයන් විසින් සිදුකරන පහරදීම් නවතාලීමට හැකි සෑම උත්සාහයක්ම දරන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සික් ජාතිකයන් විසින් පංජාබ් ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට ලොව පුරා පවත්වන ජනමත විචාරණවල කිසිදු වලංගුභාවයක් නොමැති බවයි ඔහු අවධාරණය කලේ.

මෙල්බන් නගරයේ හින්දු ජාතිකයන් සහ සික් ජනතාව අතර ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වී ඇති අතර පසුගිය මාසයේදී පමණක් හින්දු දේවස්ථාන 03 කට පහරදී තිබුණා.

මේ අතර ඔස්ට්‍රේලියාවේ වාසය කරන සික් ජාතිකයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.

2016 සිට 2021 දක්වා එලෙස වැඩිවු ප්‍රතිශතය සියයට 60 කට ආසන්න බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසන්නේ.

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »