NSW හි පැරණිම ලාංකික උත්සවය – සිඩ්නි බක්මහ උළෙල මෙවරත්

sydney bak maha

සිඩ්නි නගරයේ විශාලතම ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සවය වන සිඩ්නි බක්මහ උළෙල මෙවරත් සංවිධාන කර තිබෙනවා.

අප්‍රේල් 09 වනදා පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා Roselea community centre හිදී එය පැවැත්වෙනු ඇති.

නිවු සවුත් වේල්ස් හි පැරණිම ලාංකික සංවිධානය වන වසර 33 ක ඉතිහාසයක් පවතින නිවු සවුත් වේල්ස් සිංහල සංස්කෘතික හමුව විසිනුයි එය සංවිධාන කරනු ලබන්නේ.

සුපුරුදු ජන ක්‍රීඩා මෙන්ම සංස්කෘතික ඉසව් රැසකින්ද මෙවරත් සිඩ්නි බක්මහා උළෙල සමන්විත වනවා.

සිංහල සංස්කෘතික හමුව යටතේ පාලනය වන නිවු සවුත් වේල්ස් සිංහල භාෂා පාසල් 07 හිම සිසු සිසුවියන් මීට සහභාගීවීමට නියමිතයි.

අප්‍රේල් 09 දවස පුරා ශ්‍රී ලාංකික ආහාර ඇතුළත් “කැවිලි පොළ” වෙත පැමිණ ඒවායෙහි රස බැලීමටද ඔස්ට්‍රේලියාවේ වාසය කරන ලාංකිකයන්ට අවස්ථාව පවතිනවා.

2023 සිඩ්නි බක්මහ උළෙලට මෙවර ශ්‍රී ලංකාවෙන් සමන් ලෙනින් සහ නිලක්ෂි හෙළපිටිය යන කලා ශිල්පීන් පැමිණ උත්සවය වර්ණවත් කිරීමටද නියමිතයි.

සිඩ්නි බක්මහ උළෙල 2023 සඳහා Aus ලංකා TV සහ Aus ලංකා Radio විසින් මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබනවා.

අවුරුදු කුමරිය තරගයට ලියාපදිංචිවීම සඳහා පහත Link එක භාවිත කල හැකියි.

https://forms.gle/fNShCEf1yT5myoq9A

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »