ධාරාණිපාත වර්ෂා හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට ජල ගැලීම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
ප්‍රාන්තයේ වයඹ දිග කලාපයට මෙම සතිය තුළදී මිලිමීටර් 200 ත් 500 ත් අතර වර්ෂාපතනයක් ඇද හැලී ඇති බව සඳහන්.
ඉදිරි දිනවලදීත් මෙම තත්වය පැවතිය හැකි බැවින් අවධානම් ස්ථානවලින් වහා ආරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත්වන්නැයි ආපදා සහන අංශ විසින් ප්‍රදේශවාසීන්ට දැනුම් දී තිබෙනවා.
මේ අතර බ්‍රිස්බන් සහ ගෝල්ඩ් කෝස්ට් නගරවලට මිලිමීටර් 70 ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්ෂා කල හැකි බවයි කාළගුණ කාර්යාංශය නිකුත් කර ඇති අනතුරු ඇගවීමේ දැක්වෙන්නේ.
රටෙහි අනෙකුත් ප්‍රධාන නගරවල වැසි රහිත කාළගුණ තත්වයක් පැවතිය හැකියි.