බැංකු කාඩ් වංචා නිසා ඔස්ට්‍රේලියානුවන් $ බිලියනයක් අහිමි කරගනී

බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් බිලියනය ඉක්මවා ඇති බවට තවතම අධ්‍යයනයක් හෙළි කර තිබෙනවා.

ඒ අනුව එක් අයෙකු විසින් වංචාවට ලක්ව ඇති මුදලේ සාමාන්‍යය ඩොලර් 299 ක් බවටයි තහවුරු වී ඇත්තේ.

පුද්ගලයන් 1058 දෙනෙකු යොදාගනිමින් සිදුකල සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඊට අනුව පසුගිය මාස 12 සැළකීමේදී ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් වංචාවකට අවම වශයෙන් එක් අවස්ථාවකදී හෝ හසුව ඇති පුද්ගලයන්ගේ ප්‍රතිශතය සටහන්වන්නේ සියයට 17 ක් ලෙසයි.

රටේ සමස්ත ජනගහණය සැළකීමේදී ලක්ෂ 34 කට ආසන්න පිරිසක් ඒ අනුව පසුගිය මාස 12 දී කුමන හෝ බැංකු කාඩ්පත් වංචාවකට ලක්ව ඇති බවටත් මෙහිදී හෙළිකරගෙන තිබෙනවා.

මින් බහුතරය 2000 වසරෙන් පසුව උපත ලැබූවන් වන අතර එහි ප්‍රතිශතය සියයට 27 ක්.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »