Northern Territory නිපුණතා වීසා වැඩපිළිවෙලට අලුත් සංශෝධන

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට වීසා නාමයෝජනා නිර්ණායක වෙනස් කිරීමට Northern Territory ප්‍රාන්තය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රැකියා ලයිස්තුවේ ඇති බොහෝ රැකියා සඳහා වූ වසර 03 ක සේවා පළ පුරුද්ද වසරක් දක්වා අඩු කර තිබෙනවා.

එමෙන්ම ප්‍රමුඛතා රැකියා ලැයිස්තුවට වැඩිපුර වෘත්තීන් සහ රැකියා එකතු කිරීම මෙම වෙනස්කම් අතර ප්‍රධාන වනවා.

2022/23 වසර සඳහා Northern Territory වෙත 190 වීසා සඳහා 600 ක කෝටාවක්ද 491 වීසා සඳහා 1,400 ක කෝටාවක්ද හිමිව තිබෙනවා.

පුහුණු සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් සකසා දෙමින් වසර 05 ක් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල වාසය කිරීමට, අධ්‍යයනය කිරීමට සහ රැකියා කිරීමට 491 වීසා බලපත්‍රය මගින් ඉඩ සැළසෙනවා.

(SBS)

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »