Search

ඔස්ට්‍රේලියාවේ විශාලතම ඔන්ලයින් ග්‍රන්ථ වෙබ් අඩවියට $ මිලියන 06 ක දඩයක්

ඔස්ට්‍රේලියාවේ විශාලතම ඔන්ලයින් ග්‍රන්ථ අලෙවි වෙබ් අඩවියට ඩොලර් මිලියන 06 ක දඩයක් පණවා තිබෙනවා.

ඒ මුදල් නැවත ගෙවීමේ කොන්දේසි සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කල බවට තහවුරු වීම හේතුවෙන්.

ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව කිසියම් අයෙකු මුදල් ආපසු ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් පොතක් මිළදීගෙන දින 02 ක් තුළ ඒ සඳහා වන ඉල්ලීමක් ඉදිරිපත් කල යුතුයි.

කෙසේවෙතත් පාරිභෝගික ජනතාව විසින් පාරිභෝගික කොමිසම වෙත ඉදිරිපත් කර ඇති පැමිණිලි අනුව කල නඩු විභාගයකදී තහවුරු වී ඇත්තේ දින 02 ක් වැනි කෙටි කාලයක් කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

ඒ අනුව මෙම වෙබ් අඩවිය විසින් පාරිභෝගිකයන් නොමග යවා ඇති බවට අධිකරණය විසින් තීන්දු කර ඇති අතර ඩොලර් මිලියන 06 ක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියම කෙරුණා.

එමෙන්ම වෙබ් අඩවියේ දක්වා ඇති මුදල් ආපසු ගෙවීමේ කොන්දේසි වහා වෙනස් කරන්නැයිද නියෝග කර තිබෙනවා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »