සිඩ්නි මගීන්ට යළිත් නොමිළයේ ප්‍රවාහනයට අවස්ථාවක්

පසුගිය බදාදා දිනයෙදී තාක්ෂණික දෝෂයක් හමුවේ සිඩ්නි නගරයේ සිදුවූ දුම්රිය ප්‍රමාදයන් සඳහා මගීන්ට ලබාදෙන සහනයක් ලෙස එක් දිනයක් නොමිළයේ ප්‍රවාහනය ලබාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ලබන 25 වනදා පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් පසු දිනයකදී එම අවස්ථාව ලබාදෙන බවටයි ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ සහතික වන්නේ.

මෙය මැතිවරණ පොරොන්දුවක් නොවන බවත් මැතිවරණයේදී කුමන පක්ෂය බලයට පත්වුවද එම අවස්ථාව ලබාදෙන බවත් ඔහු අවධාරණය කලා.

අදාළ දිනයේදී සිඩ්නි නගරය තුළ මගී බස් රථ – දුම්රිය සහ මගී ප්‍රවාහන යාත්‍රා සියල්ල මගී ජනතාවට නොමිළයේ භාවිත කල හැකි වනු ඇති.

මේ අතර පසුගිය බදාදා සිදුවූ දුම්රිය ප්‍රමාදයන් අතරතුරදී මගීන්ගෙන් වැඩිපුර මුදල් අයකල බවට චෝදනා එල්ලවන කුළී රථ සේවා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම කෙරෙහිද ප්‍රවාහන බළධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »