
ඇලිස් ස්ප්‍රිංග්ස් නගරය තුළ ලිපි සහ පාර්සල් බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවීමට Australia Post තීරණය කර තිබෙනවා.
එහි අපරාධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා සීඝ්‍රයෙන් ඉහළයාම ඊට හේතුවයි.
Australia Post හි මෙම තීරණයත් සමග නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සිය ගණනකට බලපෑම් එල්ලවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ලිපි බෙදා හරිමින් සිටි සේවකයෙකුට මෑතකදී එල්ලවූ දරුණු ප්‍රහාරය Australia Post හි මෙම තීරණයට ආසන්නම හේතුව වී තිබෙනවා.
පොලිසිය – ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ ඇලිස් ස්ප්‍රිංග්ස් හි ජන ප්‍රජාව සමග සාකච්ඡා කර ලිපි සහ පාර්සල් නැවත බෙදා හැරීම ආරම්භ කිරීම ඉදිරියේදී සිදුකරන බවයි Australia Post නිවේදනය කර සිටින්නේ.

ඇලිස් ස්ප්‍රිංග්ස් ජනතාව වෙත ලැබෙන ලිපි සහ පාර්සල් එහි ප්‍රධාන තැපැල් කාර්යාලයට පැමිණ ඔවුන්ට ලබාගැනීමට අවස්ථාව පවතිනවා.
2021 වසරට සාපේක්ෂව ඇලිස් ස්ප්‍රිංග්ස් හි පහරදීම් – ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා – මංකොල්ලකෑම් – ඇල්කොහොල් සම්බන්ධ පහරදීම් හා දේපළවලට හානි කිරීම් සියල්ල ඉහළ ගොස් ඇති බවයි නවතම පොලිස් වාර්තාවල දැක්වෙන්නේ.