Search

ඔස්ට්‍රේලියාව න්‍යෂ්ඨික සබ්මැරීන් 05 ක් අමෙරිකාවෙන් ගැනීමට යයි

න්‍යෂ්ඨික බලයෙන් පණගැන්වෙන සබ්මැරීන් 05 ක් අමෙරිකාවෙන් මිළදී ගැනීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

අමෙරිකාව – මහා බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව අතර ඇතිකර ගත් ආරක්ෂක ගිවිසුම අනුවයි 2030 වසර වනවිට මෙම සබ්මැරීන් මිළදී ගැනීමට නියමිතව ඇත්තේ.

මීට අදාළ වැදගත් සාකච්ඡාවක් ලබන සඳුදා අමෙරිකාවේදී පැවැත්වෙන්නේ අගමැති ඇන්තනී ඇල්බනීස් – බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනාක් සහ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතරයි.

සිය ඉන්දීය සංචාරය නිමවා අගමැති ඇල්බනීස් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම සබ්මැරීනවල වටිනාකම ඩොලර් බිලියන 100 කට ආසන්න බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »