Search

ඔස්ට්‍රේලියාවේ Aged care සේවකයන් 21,700 කගේ හිගයක්

Aged care සඳහා පණවා ඇති නව නීති ක්‍රියාත්මක කිරීම අපහසු බව Aged care ක්‍රියාකරුවන් පවසනවා.

ලබන ජූලි මාසයේ සිට සෑම Aged care මධ්‍යස්ථානයකම පැය 24 පුරා ලියාපදිංචි හෙදියක රාජකාරියේ සිටිය යුතුයි.

එමෙන්ම සෑම නේවාසිකයෙකුටම දිනකට විනාඩි 200 ක රැකවරණය ලැබීමද ඔක්තෝබර් මාසයේ සිට අනිවාර්ය වනවා.

කෙසේවෙතත් Aged care ක්ෂේත්‍රයේ පවතින උග්‍ර සේවක හිගය හමුවේ මෙම කොන්දේසි සපුරාලීම ඉතා අසීරු බවයි Aged care ක්‍රියාකරුවන් අවධාරණය කරන්නේ.

දැනට ලියාපදිංචි හෙදියන් 8,400 කගේ සහ personal care සේවකයන් 13,300 කගේ අඩුවක් මෙරට තුළ පවතින බව සඳහන්.

ෆෙඩරල් රජය පවසන්නේ Aged care ක්ෂේත්‍රයට ලබාදීමට නියමිත වැටුප් වැඩිවීම් සහ විදෙස් පුහුණු ශ්‍රමිකයන් හේතුවෙන් මෙම හිගය මගහරවා ගත හැකි වනු ඇති බවයි.

පසුගිය ජූලි මාසයේ සිට ලියාපදිංචි හෙදියන් ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමට අයදුම්පත් 3,009 ක් ලැබී ඇති අතර ඉන් 2,184 ක්ම අනුමත කර තිබෙනවා.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »