පංති කාමරවල ඇති මේස – පුටු සහ සිසුන්ගේ අධ්‍යාපන ආකල්ප අතර සෘජු සම්බන්ධතාවයක් ඇති බව ඔස්ට්‍රේලියාවේදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.
මෙල්බන් විශ්ව විද්‍යාලය සිදුකල මෙම අධ්‍යයනයේදී හෙළිවී ඇත්තේ සම්ප්‍රදායික පුටු මේස වලින් තොරව ආකර්ෂණිය ලෙස සකසා ඇති පංතිවල අධ්‍යාපන කටයුතු හදාරන සිසුන්ගේ ආකල්ප ඉහළ අගයක පවතින බවයි.
එමෙන්ම දවස පුරා පංති කාමරය තුළ අධ්‍යාපනය ලබන සිසුන්ට වඩා එළිමහන් ක්‍රියාකාරකම්වලට යොමුවන සිසුන් ක්‍රියාශීලීත්වයෙන් ඉහළ මට්ටමක සිටින බවයි අනාවරණ වී ඇත්තේ.
ඔස්ට්‍රේලියානු සිසුවෙකු වයස අවුරුදු 15 පමණ වනවිට පැය 11,000 කට ආසන්න කාලයක් පංති කාමරය තුළ ගතකරන බව මෙම සමීක්ෂණයේදී හෙළිකරගෙන තිබෙනවා.
කෙසේවෙතත් ෆින්ලන්තය වැනි ඉහළම අධ්‍යාපනයක් ඇති රටක එම අගය පැය 6,300 ක් වැනි මට්ටමක පැවතීම ඉහළම සාර්ථකත්වයට හේතුවක් බවයි මෙහිදී සඳහන් කෙරුණේ.