
ඔස්ට්‍රේලියානු පවුල් අතුරින් ලක්ෂ 05 කට පමණ ලබන ජූලි පළමුවනදා සිට සියයට 20 කින් පමණ විදුලිය ගාස්තු වැඩිවීමට නියමිතයි.
උද්ධමනය සහ පොළී අනුපාතික අගයන් ඉහළයාම් හමුවේ පීඩාවට පත්ව සිටින විශාල පිරිසකට මෙය තවත් හිසරදයක් වනු ඇති බව සඳහන්.
මෙම විදුලි පාරිභෝගිකයන් අතුරින් වැඩි පිරිසක් ක්වීන්ස්ලන්ඩ් – නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවාසීන් වනවා.

වික්ටෝරියා – ටස්මේනියා – බටහිර ඔස්ට්‍රේලියා සහ Northern Territory ප්‍රාන්තවාසීන්ට එහි බලපෑම අවම වශයෙන් බලපානු ඇති බවටයි වාර්තා වන්නේ.
පසුගිය වසරේ පැවති විදුලි ගාස්තුව හා සැසඳීමේදී ලබන වසර වනවිට සියයට 50 ක පමණ ගාස්තු ඉහළයාමක් අපේක්ෂා කල හැකි බවයි පසුගිය වසරේදී පුරෝකථනය කර තිබුණේ.

ඒ අනුව ගල් අගුරු සහ ගෑස් ගාස්තු සඳහා උපරිම මිළක් නියම කිරීමටද ෆෙඩරල් රජය පියවර ගනු ලැබුවා.