Search

සනත් අභිබවමින් මැතිව්ස් වාර්තා අතරට

සනත් ජයසූරිය අභිබවමින් ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් අද වාර්තා පොත් අතරට එක්වූවා.

නවසීලන්තය සමග පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මැතිව්ස් මෙම කඩඉම පසුකර යෑමට සමත් වුවා.

2009 වසරේ සිය මංගල ටෙස්ට් තරගයට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 110කදී සනත් ජයසූරිය ලබාගත් ලකුණු 6,973 පසුකර යෑමට සමත් වුවා.

35 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ සිටින්නේ කුමාර් සංගක්කාර (ලකුණු 12,400) සහ මහේල ජයවර්ධන (ලකුණු 11,814)ට පසුව පමණක් වීම විශේෂත්වයක්.

නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47කට දැවී ගියා.

මේ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ද ශ්‍රී ලංකා පිලේ ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු ලෙස සනත් ජයසූරියගේ වැඩිම ලකුණු වාර්තාව පසුකර යෑමට සමත් වුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙක් ලෙස සනත් ජයසූරියගේ ලකුණු 5932 පසුකර යාමටයි දිමුත් කරුණාරත්න අද සමත් වුයේ.

මේ අතර නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් පිලේ නායක ටීම් සවුති එරට වෙනුවෙන් වැඩිම ටෙස්ට් විකට් ලබාගත් පන්දු යවන්නා බවට අද වාර්තා පොත් අතරට එක්වූවා.

ඒ ඩැනියල් විටෝරි දවා ගෙන තිබු කඩුලු 705 සීමාව පසුකර යමින්. දිනේෂ් චන්දිමාල් ගේ කඩුල්ල දවා ගනිමින් සවුති එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »